27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ඉන්දුනිසියානු තානාපතිනිය සප්ත කන්‍යා කදු වැටියේ…

මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය අය සිහි කරමින් ස්ථාපනය කර ඇති ස්මාරකය නැරඹිමට එක්විය.

1974.12.04 දින ඉන්දුනිසියාවේ සිට ගුවන් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබු DC 08 එයාර් මාටින් ගුවන් යානය සප්ත කන්‍යා කදු වැටියේ ගැටි එහි ගමන් ගත් සියළුම පිරිස ජිවිතක්ෂයට පත් විය.

එම ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාවකගේ හැර අනෙකුත් සියළු දෙනාගේ මල සිරුරු සප්ත කන්‍යා කදු පාමුල මිහිදන් කර , මිය ගිය අය සිහි කරමින් ඉන්දුනිසියානු රජය මගින් එම ස්ථානයේ මෙම ස්මාරකය ඉදි කෙරිණ.

එම ගුවන් අනතුර සිදු වි දැනට වසර පනහක් සපිරිම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතාගේ ආරාධනාවක් අනුව ඉන්දුනිසියානු තනාපතිනිය එම ස්මාරකය වෙත පැමිණ  ඉටි පන්දම් දල්වා මිය ගිය අය සිහි කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකිණ.

ඉන්දුනිසියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ට එම ස්මාරකය නැරඹිමට අවශ්‍ය සුදුසු පරිසරයක් සහ ඒ අවට පිහිටි ලක්ෂපාන දිය ඇල්ල ඇතුළු සුන්දර ස්ථාන නැරඹිමට අවස්තාව සලසා දිම මෙම සංචාරයේ අරමුණ බවයි ඉන්දුනිසියානු තනාපතිනිය කියා සිටියේ.

එම ස්මාරකය අවට වල් පැළැටි බිහි වි දැඩි අපිරිසිදුතාවයෙන් පැවති අතර , අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් එම ස්මාරකය අවට සම්පුර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කර තිබුණි.

ඉන්දුනිසියානු තනාපතිනිය සප්ත කන්‍යා කදු පාමුල ස්ථාපනය කර ඇති ස්මාරකය වෙත පැමිණි අවස්තාවට අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම් සහ එම සභාවේ හිටපු සභාපති ජයසංඛ පෙර්රා මහතාද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

Maimoonar

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

Maimoonar

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

Maimoonar