27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා දානපතියන්ගේ සහාය ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මොණරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අධ්‍යාපනයට අමතර මුදල් වෙන් කල නොහැකි බව රජය පැවසුවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුට මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් එමගින් අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් ඔහු එහිදී පැවසීය.

2019 මෙන් වැරදි තීරණ මෙවර නොගන්නැයිද පේ‍්‍රමදාස මහතා එහිදී තව දුරටත් කියා සිටියේය.

Related posts

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Maimoonar

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ

Maimoonar

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Maimoonar