27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.

එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම ජනාධිපතිවරයාටත් මේ රජයටත් පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා 10 වැනිදා මාධ්‍ය වෙත අදහස් පළකරමින් ප්‍රකාශ කොට තිබේ.

මේ රටේ අතීත කාලයේ සිටම සෑම පාලකයකුම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට තෛපොගල් දිනය හා සිංහල හින්දු අලුත් අවුරුද්ද තෝරා ගත් නමුත් ඒ කිසිදු වසරක දෙමළ ජනයාට ලැබුණු දෙයක් නොමැති බව ද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නමුත් බලාපොරොත්තු දල්වා ගෙන දෙමළ ජනයාට ඉදිරියට යෑමට එවැනි ප්‍රකාශ ඉවහල් වූ බව පෙනෙන විට සෑම තෛපොංගල් දිනයක්ම, නව වසරක් ම ජනතවට ප්‍රීති ප්‍රමෝදය ගෙන දුන්නක් බව ද ඔහු සඳහන් කරයි.

වර්තමන ජනාධිපතිවරයා ඔහු ප්‍රකාශ කරන අන්දමටම වෙනත් ආකාරයකට කටයුතු කරන පුද්ගලයකු නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මෙවර තෛපොංගල් සමයේදී බලාපොරොත්තු දල්වා ගත හැකි වැඩපිළිවෙළක් දියත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විශාල වුවමනාවක් එදා සිට තිබුණු නමුත් ඔහු වටා සිටි අනෙක් පිරිස් එම ව්‍යායාමයට ඔහුට ඉඩක් සපයා නොදී කකුලෙන් ඇදීම නිසා දෙමළ ජනයාගේ බලාපොරොත්තු සුන් වූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දකුණේ ජාතිවාදී දේශපාලනය තුළ දෙමළ ජනයාට යම් සහනයක් ලබා දීම ඉතා අසීරු කාරණයක් බව මේ වන විට සියලු දෙනාම වටහා ගෙන සිටින නමුත් මේ රටේ දෙමළ ජනයාට ද යමක් ලැබිය යුතු අයිතියක් ඇති බව ඒ සියලු දෙනම මේ තෛපොංගල් සමයේ ඉතා තදින් සිතා ගත යුතු බවද මාධ්‍යයට අදහස් දැක් වූ සම්පන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ
– Divaina

Related posts

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

Maimoonar

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

Maimoonar

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Maimoonar