27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

නියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..

වලව කලාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර ඇති අතර මෙම මාසය අවසන් වන විට වගා හානි සිදුවූ රටේ සියලු ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කර අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි

2023 යල කන්නයේ දරුණු නියඟය නිසා සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම මේ වනවිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ වනවිට වගා හානි වන්දි සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 550ක් යැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි.

යල කන්නයේ වගා හානි සම්බන්ධව සිදු කළ ඇස්තමේන්තු අනුව නියඟය නිසා අක්කර 65,000ක් පමණ ද, ඉන්පසුව ඇති වූ වර්ෂාව නිසා ඇතිවු ගංවතුර නිසා අක්කර 11,000ක් ද හානියට පත් වී තිබේ.

වලව කලාපයේ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් අගුනකොලපැලැස්සේ දී සිදූ විය.

එහිදී වලව කලාපයේ ගොවීන් 200කට වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වගා හානි සිදුවී අවම කාලයක් තුළ වන්දි මුදල් ගොවීන්ට ලබා දීමට පියවර ගත් ප්‍රථම අවස්ථාව මෙම අවස්ථාව බව සඳහන් කළේය.

”සාමාන්‍යයෙන් වගා හානි වන්දි මුදල් ලබා දීමට වසරක පමණ කාලයක් ගත වෙනවා. මෙම වසරේ වගා හානි සිදුවුනොත් වන්දි ලැබෙන්නේ ලබන වසරේදියි. නමුත් පසුගිය යල කන්නයේ දී සිදු වූ වගා හානි සඳහා වන්දි කඩිනමින් ලබා දීමට පියවර ගත යුතු බවට මම ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු සහයෝගය ලබා දුන්නා.

එතුමා මෙම වන්දි මුදල් කඩිනමින් ගෙවන්නට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන අපිට ප්‍රමාද නොකර ලබා දුන්නා. අපි දන්නවා පසුගිය වසර තුළ රටේ තිබුනේ යහපත් ආර්ථික තත්ත්වයක් නොවෙයි. නමුත් මෙවර මේ වනවිට වගා හානි වන්දි වශයෙන් රුපියල් මිලියන 550ක් අපි ගෙවා අවසන්. ඒ වගේම මෙම වසර අවසන් වීමට ප්‍රථම වගා හානි සිදුවූ සියලු ගොවීජනතාවට වන්දි ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය මට දැනුම් දුන්නා. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට භාණ්ඩාගාරය එකඟත්වය පළ කර තිබෙනවා.”’

ඒ නිසා ඉතිහාසයේ වගා හානි සඳහා මෙතෙක් ගෙවන ලද වැඩිම වන්දි මුදල මෙවර ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

– Media Unit

Related posts

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්.. කලාපීය යුද්දය රට ඇතුලට..

Maimoonar

අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…

Maimoonar

ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?

Maimoonar

10 comments

Comments are closed.