29.5 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsNews

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද එහි වාසිය ගොවියාට නොලැබෙන බවත්, එලවළු වැඩි විමේ වාසිය අතරමැදියා ලබා ගන්නා බව හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාමයේ විහාරාධිපති පුජ්‍ය පන්නගමුවේ දයාවංශ හිමියන් පැවසිය.

එලවළු මිල ඉහල යාම සම්බන්ධයෙන් අප එම ජනපදයේ ගොවින්ගෙන් අදහස් ලබා ගැනිමට ගිය අවස්තාවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ ඒ බැව් පැවසිය.

තවද එලවළු කිලෝවක නිෂ්පාදන වියදම ඉහල යාමත් , එලවළු අලෙවි කරන තොග වෙලෙන්දා විසින් ගොවියාගෙන් කොමිස් මුදල් සහ නටාබි කුලිය සහ ප්‍රවාහන ගාස්තු අය කිරිම නිසා එලවළු ගොවියාට ලැබෙන්නේ පොඩි මුදලක් බවයි උන් වහන්සේ කියා සිටියේ.

පසුගිය දිනවල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වු බවත්, ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් වෙලදපොලට ලබාදිමට නොහැකි නිසා එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි හැටන් රුවන්පුර එලවළු ගොවින් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

ජාතික ව්‍යසනය හේතුවෙන් ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කරයි

Maimoonar

තවත් 275කට කොරෝනා…

Maimoonar

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Maimoonar