27.6 C
Colombo
August 17, 2026
Local NewsNews

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා  ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න සද්ධර්ම විහාර භූමියේ නවතා තිබියදී සොයාගත් බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි මහතා පැවසිය.

සපුගස්කන්ද ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතන කිරිම සිද්ධියට සම්බන්ධ සැක කරන පුද්ගලයා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සමඟ කෙටි කලක දී ඇතිකරගත් සුහදතාවය මත දින කිහිපයකට ඔහුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න විහාරය නවතා ගොස් ඇති බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මෙසේ සොයාගත් කාර් රථය මේ වන විට ඝාතන  සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන මහාබාගේ පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සදහා එම පොලිස් ස්ථාන භාර නිලධාරීන් කටයුතු කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

සිද්ධිය සම්බන්ධව සදතැන්න සද්ධර්ම නිකේතනයේ වැඩ වාසය කරන තෙලුල්ලේ චන්ද්‍රානන්ද හිමියන්ගෙන් අප කල විමසුමකට උන් වහන්සේ කියා සිටියේ පොහොය දිනට ප්‍රථම දා පන්සලට කිහිප වතාවක් පැමිණි පුද්ගලයෙකු සමග නාඳුනන පුද්ගලයෙකු පැමිණි බවත්, ඔහුන් දවස් තුනකට පන්සලේ නැවතී සිටීමට අවසර ඉල්ලු බවත් ඒ අනුව පොදුවේ ඕනෑම අයෙකුට ලබා දෙන පරිදි ඔහුට අවසර ලබාදුන් බවයි.

දින තුනක් නැවතීමට අවශ්‍ය බව පැවසූ නමුත් පොහොය (29) දින සවස හදිස්සියේම පිටත් වීමට ඔවුන් කටයුතු කළ අතර , පිටත්වීමේදී වියදම් වැඩි බැවින් මොටර් රථය පන්සල භූමිය තුලම ගාල් කර යන බව පවසමින් එහි යතුර සහ දුරකථන සමග තවත් යතුරු කැරැල්ලක් තමන් වෙත භාරදී පන්සල නික්ම ගිය බවයි උන් වහන්සේ  වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

ඩයස්පෝරා ගැටලු විසදන්න ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවනවා…- ජනාධිපති

Maimoonar

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Maimoonar

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Maimoonar