28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයි

වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියයි.

කාංචන විජේසේකර අමාත්‍යවරයාට විරුද්ධවත් අධිකරණ ක්‍රියා මාර්ග ගොවීන් වෙනුවෙන් ලබාගන්නා බවද කීය.

උඩවලව ජලාශය මේ වන විට ජල ධාරිතාවය සියයට 2 ට ආසන්න මට්ටමට අඩුවී සිදී ගොස් ඇත.  වලවේ ගොවීන්ගේ වගා සදහා අඩුම තරමින් තවත් දින 10ක් වත් ජලය ලබාදිය යුතුවේ. මේ සදහා සමනල ජලාශයෙන් ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මේ වන විටත් ඇඹිලිපිටිය බස් නැවතුම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්බ කර දින 11 ක් ගතව ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විරෝධතා තවත් දැඩි කරන බව වලවේ ගොවීන් පවසයි‍.

සමනල ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත්කිරීමේ අරමුණ වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව අසලදී පවත්වන ලදී.

සමස්ත ලංකා ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සහ ගො වලව කලාපයේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන වල නිළධාරී මහත්වරුන්  සහභාගී විය.

Related posts

විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…

Maimoonar

ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයි

Maimoonar

මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…

Maimoonar

6 comments

Comments are closed.