28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

කොස්, මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහලට..

එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මඤ්ඤාක්කා හා කොස් මදුළු ක්‍රිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් ක්‍රිලෝ රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.

එලවළු මිල මෙසේ ඉහල යමින් පවතින විට කොස් මදුළු හා මඤ්ඤාක්කා මිලද මෙසේ ඉහල යාමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාරිභෝගිකයන් පවසති.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වනඑලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එලවළු තොග මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත කොස් මඤ්ඤාක්කා මිල ගනන්ද ඉහල ගොස් ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Maimoonar

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Maimoonar

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

Maimoonar

140 comments

Comments are closed.