NewsPolitical

නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..

නීති විද්‍යාලයේ විභාග සහ අධ්‍යයන කටයුතු හදීසියේ ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරිමට රජය ගත් තීරණය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්ණ කලේය.

නීති විද්‍යාලායේ මතු වී ඇති භාෂා ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දුව ක්‍රියාත්මක කරන මෙන් විපක්ෂ නායකවරයා එහි දී අසාධාරණයට පත් සමස්ත නීති සිසුන් වෙනුවෙන් ඉල්ලා සිටියේය.

නීති විද්‍යාලායේ අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක ලෙස තමා ඊට එකඟ නමුත් එය එකවර සිදු කිරිම සම්බන්ධයෙන් එකඟ නොවන බවත් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ඒ සඳහා යොමු වීමට යම් කිසි සහන කාලයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් මීට පෙර තමා ප්‍රශ්න කර සිටිය දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය යම් කිසි කාලයකින් පසු ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පැවසුවත් එම තීරණය මේ වන තෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ අදාළ විෂය බාර ඇමතිවරුන් තීරණය කරනා තීන්දු තීරණ නීති විද්‍යාලය විසින් ක්‍රියාත්මක නොකිරීම ගැටලු සහගත බව ද පැවසීය.

– Media unit

Related posts

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

Maimoonar

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Maimoonar

මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

Maimoonar

4 comments

Comments are closed.