29.5 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

සේවා සැපයීම සඳහා වැයවන පිරිවැය සහනාධාර නොදී අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමා ඇති බවත් එනිසා මින් පසු සහනාධාර නොලැබෙනු ඇති බවත් හෙතෙම පැවසීය.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙසේ පැවසීය.

‘ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලේසි නැහැ. අපි ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනෙ. නැතිනම් ණය දෙන්නෙ නැහැ. ජාත්‍යන්තර සහාය ලැබෙන්නෙත් නැහැ. ඔවුන් කියනවා සේවා සැපයීම සදහා වැය වන ගාස්තු සදහා අය කිරීම් කරන්න කියලා. මින්පසු සහනාධාර නැහැ.

විදුලි බිල වැඩි කරන්න ඕන. වැඩි නොකොලොත් ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නැහැ. අලුතෙන් ණය දෙන්නෙත් නැහැ’

Related posts

අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

Maimoonar

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Maimoonar

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

Maimoonar

7 comments

Comments are closed.