Local NewsNews

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට ඒ ආසන්නයෙන් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව පොලිසිය සඳහන් කර ඇත.

ඊට අදාළ ලිපිය විරෝධතාවය සංවිධානය කරන පාර්ශවවලට දැනටමත් යොමුකර තිබේ.

ලිපියේ දැක්වෙන්නේ එම විරෝධතාවය පැවැත්වෙන කාලසීමාව තුළ කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන බවත් වෙලදාම් සිදු කරන බවත් එනිසා විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති විය හැකි බැවින් ඊට අවසර ලබා දිය නොහැකි බවයි.

එමෙන්ම විරෝධතා සඳහා භාවිතා කරන ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා ද මෙතෙක් අවසර ලබාගෙන නැතැයි ද පොලිසිය කියා සිටී.

විරෝධතා හේතුවෙන් මාර්ග අවහිර කිරීම හෝ බාධා සිදු වුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිසිය තවදුරටත් දැනුම් දී තිබේ.

Related posts

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Maimoonar

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Maimoonar

එදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…

Maimoonar