27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

රුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…

එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රාජ්ය් ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ

lankadeepa

Related posts

අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…

Maimoonar

රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…

Maimoonar

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

Maimoonar