28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතා වයස අවුරුදු 60 ඉක්මවූ දේශපාලඥයන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එමෙන්ම අවුරුදු 60ට වැඩි දේශපාලඥයන් මහතීර් මොහොමඩ් හෝ ලි ක්වාන් යූ වගේ යනුවෙන් සිතා වැඩ නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

අයවැය පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වයස අවුරුදු 65 දක්වා තිබූ රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස 60 දක්වා අඩු කිරීම හොඳ දෙයක් බවත් එය තරුණ පරම්පරාව වෙනුවෙන් කළ යුතු දෙයක් බවත් ඔහු සදහන් කලේය.

නමුත් එසේම පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ වලට අයටද මෙය ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම තව දුරටත් කියා සිටියේය

Related posts

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

Maimoonar

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Maimoonar

රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..

Maimoonar

488 comments

Comments are closed.