February 12, 2026
NewsPolitical

රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..

ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් රජය ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අනුරාධපුරයේ දී අද පැවසීය .

අනුරාධපුරයේ දෙදින සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

රජය දැනටමත් ගොවීන්ගේ පොහොර ගැටලුවට විසඳුම් ලබා දී තිබේ. එළැඹෙන මහකන්නය සඳහා අවශ්‍ය පොහොර බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පියවර ගෙන ඇත.

රජරට ගොවීන් මුහුණදෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ද සාර්ථක විසඳුම්දීමට ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් දී ඇත. ඒවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරමින් පවතින බව ද දිනේශ් ගුණවර්ධන මහතා කීවේය.

වී මිලදී ගැනීමේ දී ඇතැම්  බැංකු කටයුතු කර ඇති ආකාරය එතරම් යෝග්‍ය නැති බව තම අදහස යැයි කී අගමැතිවරයා  විවිධ බැංකු රට තුළ ක්‍රියාත්මක වන හෙයින් ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළ තිබුණේ ද යන්න රජය සොයා බලමින් සිටින බවත් සඳහන් කළේය.

අගමැති දිනේශ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ ලංකාරාමය මිරිසවැටිය හා ඉසුරුමුණිය විහාරස්ථාන වැඳපුදාගෙන සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්තේය .

සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ආගමික වතාවත්වලට අගමැතිවරයා අද දහවල්  එක්විය. විහාරාධිපති උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අගමැතිවරයාට සෙත්පිරිත් දේශනා කර ආශීර්වාද ප්‍රාර්ථනා කළහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

තිරිගු පිටි හිගයත්.. සමාගම් බෙදන ප්‍රමාණය 35% කින් පහල දමයි..

Maimoonar

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

Maimoonar

විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කිරීමේ ඉලක්කය කරා රජය සාර්ථකව ගමන් කරයි

Maimoonar

478 comments

Comments are closed.