28.5 C
Colombo
August 11, 2026
NewsSportsSports News

හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරු

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට නොතිබූ මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි.

‘අපිට ලෝක කුසලානට එනකොට තිබුණේ ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය විතරයි. දැන් ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නයක් නැහැ ඔවුන් හොඳින් ක‍්‍රීඩා කරනවා. ප‍්‍රශ්නය තියෙන්නෙ මැද පෙළ පිතිකරුවන්ගෙයි. ඔවුන්ට ලකුණු ගහන්න බැරි අය නෙමෙයි නමුත් තරගයට ගියහම අවශ්‍ය වන මානසික ශක්තිය ඔවුන්ට නැහැ.’

ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් තරග හතරක් ඉතිරි තිබේ. ඉන් පළමු තරගය ලබන 21 වැනිදා ලීඞ්ස් හිදී සත්කාර එංගලන්තය සමගින් පැවැත්වේ. එම තරගයේදී හෝ ශ‍්‍රී ලංකා මැද පෙළ ප‍්‍රශ්නය විසඳෙනු ඇතැයි අසන්ත ද මැල් විශ්වාසය පළ කර සිටියි.

‘‘අපේ මැද පෙළ ඉන්නේ අත්දැකීම් තියෙන පිතිකරුවන්. ප‍්‍රශ්නය තියෙන්නෙ ඔවුන් පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතර නොසිටි එකයි. පුහුණුවීම් හොඳට කරනවා. ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදී තව ලකුණු 50 ක සබඳතා දෙකක් විතර ආවනම් අපි තරගය ජය ගන්නවා. අනෙත් එක තමයි අපේ පන්දු රැකීමත් හොඳ තැනක තිබුණෙ නැහැ. ඒ තරගයේදී ලකුණු 25 ක් විතර පන්දු රැකීමේ දුර්වලතාවයෙන් ඔස්ටේ‍්‍රලියාවට ලැබුණා. නුවන් ප‍්‍රදීප්ගේ අන්තිම ඕවර දෙකකට ලකුණු 40 ක් ගත්තා. ධනංජය ද සිල්වාගෙ අන්තිම ඕවරයට ලකුණු 20 ක් ගත්තා. ඒ ඕවර තුනට විතරක් ලකුණු 60 ක් ගියා. මම හිතන්නෙ මේ දේවල් අඩු කරගත්තනම් අපිට ඔස්ටේ‍්‍රලියානුවන්ව ලකුණු 300 කට අඩුවෙන් සීමා කරගෙන තරගය ජය ගන්නා තිබ්බා.’’

ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග තරගය සඳහා සූදානම් වීමට මේ දිනවල ලීඞ්ස් බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද දිනයේදී පැය තුනක පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..

Maimoonar

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Maimoonar

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Maimoonar

1 comment

Comments are closed.