27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

ණය නොගෙවන තීරණය ගත්තේ මමයි.. නන්දලාල් වෙනුවට මං අස්වන්නම්.. ඔහු වැනි නීර්භීතයන් අවශ්‍යයයි..- අලි සබ්රි

රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ,එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරෙක්ව මහ බැංකු අධිපති බවට පත් කිරීමේ කුමන්ත්‍රණ නාඩගමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, මහ බැංකු අධිපතිවරයා සහභාගිවූ වැඩ සටහනේ දී රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගේ හැසිරීම අතිශය පිළිකුල් සහගත වී යැයි ද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩු ගැන විහිලු කතා කරනවට වඩා මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වයේම ප්‍රධානීන් අතර මූලික එකඟතාවයක් පැවතිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නක්වත් නැති තත්ත්වයක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන හිතන්නටවත් පුළුවන් දැයි විමසා සිටියේය.

මේ තීරණාත්මක මොහොතේ රට ගොඩනැගීම වෙනුවෙන් තම සහයෝගය ඉල්ලා සිටීමේ කටයුත්ත මෙන්ම,ආණ්ඩුව පාර්ශ්වයෙන් ද,ඒ පිළිබඳව යහපත් එකඟතාවයක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(02) පාර්ලිමේන්තුවේ දී ය.

– Media unit

Related posts

IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..

Maimoonar

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

Maimoonar

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Maimoonar

502 comments

Comments are closed.