Local NewsNews

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මොහොතේ ප‍්‍රයෝජනවත් දෙයක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවේදී පවසා තිබේ.

සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු පවතින ගැටළුවට විසඳුමක් ලෙස තමන් නොදකින බව ද ඔහු පෙන්වා දී ඇත.

අරගලයේ නිරත වූ පිරිස් වල ප්‍රධාන ඉල්ලීමක් වූයේ දූෂණය තුරන් කිරීම බවද පවසා ඇති ඒ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවද පවසා ඇත.

මේ අතර ෆොන්සේකා මහතා මෑතකදී අන්තර්ජාල නාලිකාවක දී සඳහන් කරන ලද්දේ අරගලකරුවන් ජීවිත පූජා කර හෝ අරගලයේ අරමුණු ජයග්‍රහණය කිරීමට කැප විය යුතු බවයි.

Related posts

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

Maimoonar

බස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..

Maimoonar

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Maimoonar

105 comments

Comments are closed.