28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ.

ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩිකාව සඳුදා සිය පළමු වටයේ තරග ඉසව්ව පරාජය වීමත් සමඟම මෙසේ ඇතුරුදන්ව ඇත. පසුව කළමණාකරුද අතුරුදන්ව තිබේ.

ඔවුන්ගේ අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය වහාම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ අනුව අතුරුදන්වීම වළක්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ගුවන් ගමන් බපත්‍ර තමන් සන්තකයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකුගෙන් හා නිලධාරීන් 51 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් එක්ව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා එක්වන සියලුම ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට දින 180ක වීසා බලපත්‍රයක් ලබා දී ඇත.

ADA

Related posts

කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවර

Maimoonar

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Maimoonar

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Maimoonar

487 comments

Comments are closed.