26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ආසන්න සුපිරි වෙළඳසැල කා ආරක්ෂකයන් විසින් කළ දැනුම්දීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ දින හතරක් තිස්සේ හරි හමන් කෑමක් බීමක් නොමැති බවත් දරුවන්ද හාමතේ නිසා මෙම සොරකම සිදුකළ බවයි.

එහිදී පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තමා අතේ වියදමින් එම බඩු මල්ලේ මුදල ගෙවා දමා බඩු මල්ල ද සමග සැකකරු මුදා හැර තිබේ.

එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි භික්ෂුවක් ද එම පුද්ගලයාට මූල්‍යමය උපකාරයක් සිදු කර ඇත.

Related posts

අඩන්නද හිනාවෙන්නද කියා හිතාගන්න බෑ.. ශ‍්‍රීලනිපය පොහොට්ටුවට එක්වුනාට මං විරුද්දයි..

Maimoonar

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Maimoonar

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Maimoonar

547 comments

Comments are closed.