27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස රසදිය ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රයක් සකස් කිරීමට ගම්පොල දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා සමත්ව තිබේ.

වසර හයක පමණ කාලයක් රසදිය ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස මෙම නව සොයා ගැනීම සිදු කර තිබෙන අතර එමගින් මේ වනවිට කිලෝ වොට් 07 ක විදුලි උත්පාදනයක් සිදු කරමින් පවතින බව විකුම් මහතා පවසයි.

මිනිරන් වලින් සකස් කරන ලද එන්ජිමකට රසදිය යොමු කොට ඒ තුළින් සෙල්සියස් අංශක 300 ක පමණ උෂ්ණත්වයක් යටතේ රසදිය භ්‍රමණය කිරීම මගින් උත්පාදනය වන චුම්භක ක්ෂේත්‍රය පදනම් කරගනිමින් කිලෝ වොට් 07 ටර්බයිනයක් කැරකවීමෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන බව ඒ මහතා පවසයි.

අදාල යන්ත්‍ර මගින් උත්පාදනය කරන විදුලිය මගින් එ් මහතාගේ නිවසේ සියලු විදුලිය අවශ්‍යතා සපයා ගන්නා අතර නිවසේ රූපවාහිනි යන්ත්‍රය, රෙදි සෝදන මැෂිම ශීතකරණ ඇතුළු නිවසේ සියලු විදුලිය අවශ්‍යතා පිරිමසා ගැනීම සිදු කරයි.

“රසදිය කියන්නෙ ක්ෂය වන ලෝහයක් නොවෙයි. එක් වරක් පමණයි යන්ත්‍රයට මේ රසදිය යොදන්න ඕනෑ. ඉන්පසුව අපට තිබෙන්නේ ප්‍රතිලාභ ගන්න පමණයි. මේ වන වන විට විදුලි නිෂ්පාදනය සඳහා ලෝකයේ ජලය, දැවි තෙල්, ගල් අඟුරු, ඩීසල්, පෙට්රල්, වගේ දේවල් යොදා ගන්නවා.

ජලය හැරුණාම අනෙක් දේවල් ක්ෂය වෙනවා. රසදිය මගින් විදුලිය නිෂ්පාදනය කළ හොත් අපට අඛණ්ඩව ඉතා අඩු මුදලකට විදුලි ඒකකයක් ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙනවා . ලෝකයේ කිසිම රටක් මේ පර්යේෂණය සිදු කොට විදුලිය නිෂ්පාදනය කොට නැහැ.”

– ADA

Related posts

අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්

Maimoonar

‘පෙරට වඩා ශක්තිමත්ව සහ ආරක්ෂිතව යළි ගොඩනැඟීමට රජයෙන් පේරාදෙණියට සහාය’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Maimoonar

කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

Maimoonar

1 comment

Comments are closed.