28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් වාතාවරනය හමුවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා එකවර ඉවත් වුවහොත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවනු ඇතැයි හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය දෙමළ ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා පවසා සිටියි.

විග්නේශ්වරන් මහතා මේ බව පවසා සිටියේ මන්ත්‍රීවරයාගේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවතී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී විග්නේෂ්වරන් මහතා පවසා සිටියේ,

‘විපක්ෂයේ පක්ෂ සියල්ල එකට එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සාදාගත යුතුයි. ඒ වගේම ආණ්ඩුව හදන්න යන්නේ මොනවගේ ප්‍රතිපත්තිවලින්ද කියන එකත් වැදගත් වෙනවා.

‘අපි දන්නවා ප්‍රධාන බලතල ජනාධිපති, අගමැති සහ කතානායක යන අයට පිළිවෙලින් පවතින බවට. නමුත් රටේ දැන් පවතින තත්වය මත ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම එකවර ඉවත්වීම මත රටතුල ප්‍රශ්න තවදුරටත් වැඩිවිය හැකියි. ඒ නිසා පළමුවෙන් එක් අයෙකු ඉවත් වී පසුව අලුත් ආණ්ඩුවක් බලයට ආපසු අනිත් කෙනා ඉවත්ව යන එක සුදුසුයි කියලයි මගෙනම් මතය’

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…

Maimoonar

ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….

Maimoonar

ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

Maimoonar

9 comments

Comments are closed.