26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?

අඩු මිලට රජය රුසියාවෙන් ඉන්ධන ලබා නොගතහොත් ඊට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජයගුණරත්න කීවේය.

පසුගියදා මෙරටට පැමිණි බොරතෙල් නැව ද ඩුබායි රාජ්‍යයේ ඒජන්තවරයකු මගින් ගෙනා බවත්, එම ඒජන්තවරයා මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකුගේ පුත්‍රයකුගේ හිතවතකු බව සැලවෙන බවත් ඔහු පැවසීය.

අතරමැදියන් මාර්ගයෙන් තෙල් ලබාගැනීමේ ක්‍රමවේදය වහා නතර කර, රාජ්‍යයෙන් රාජ්‍යයකට තෙල් ලබාගැනීමේ විධිමත් ක්‍රමවේදය ස්ථාපිත කරන ලෙස බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ දිනයේ පවා මුල්ම තෙල් තොගය මෙරටට ලබාදුන්නේ රුසියාව බවත් ආණ්ඩුව රුසියාවෙන් තෙල් නොගන අරාබි රටවලින් තෙල් ලබාගන්නේ කොමිස් මුදල් ලබාගැනීමට හැකි බැවින් යැයි ද හෙතෙම පැවසුවේය.

රටේ අවාසනාවට හා ජනතාවගේ අවාසනාවකට බලශක්ති අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බව පෙන්වා දුන් ඒ මහතා අඩු මිල ගණන් යටතේ බොරතෙල් සහ ඉන්ධන ලබාදීමට රුසියාව එකඟවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකිරීම සැක සහිත බවද වැඩිදුරටත් සඳහන් කළේය.

– Aruna

Related posts

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

Maimoonar

සෑම හැදුනුම්පතකටම TIN අංකයක්..

Maimoonar

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Maimoonar

1 comment

Comments are closed.