BusinessBusiness NewsNews

සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති

අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

දැනට ඇති විදේශ සංචිත ප‍්‍රමාණයෙන් සතියකට අවශ්‍ය ආනයනය සදහාවත් ප්‍රමාණවත් නැති බව ද හෙතෙම පැවසීය.

ලබන වසරේ දී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකි වනු ඇති වුවත් හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයක් සිදු කරමිනි.

මෙරට පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුට රැකියා අහිමි විය හැකි බවත් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙනු ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.

Related posts

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..

Maimoonar

රුපියල් 300ට වී මිලට ගනිති..

Maimoonar

සෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…

Maimoonar

6 comments

Comments are closed.