28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ශවේන්ද‍්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි..

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ඉතා සීමිත දින ගණනක් පමණක් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

හමුදා සම්ප්‍රදාය අනුව හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීම සිදු කරන නිසා එයට ගරු කිරීමක් වශයෙන් සීමිත දින කිහිපයක් ඔහු එම තනතුර දරනු ඇත.

ඉන් අනතුරුව ඔහු එම ධුරයෙන් ද ඉවත් වනු ඇති බව ද සඳහන්ය.

මෑත සමයේ දී රටේ තැනින් තැන ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලදී ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් දේශපාලකයන් විසින් ඔහුට වරින් වර දෝෂාරෝපණය එල්ල කර තිබිණි.

එනිසා තම තනතුරේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට හැකිතරම් නිදහස් වාතාවරණයක් නැති වීම මත කලකිරීමට පත්ව හමුදාපතිවරයා සිටින බවද වාර්තා වෙයි.

දේශපාලනඥයින් වෙනුවෙන් පෙනී නොසිටීම නිසාවෙන් ඉහළ දේශපාලන බලධාරීන්ගේ චෝදනාවට ද හමුදාපතිවරයා ලක්ව ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ අවසානයේ ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් වීමට නියමිත අතර එතැන් සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කිරීමට නියමිතය.

Related posts

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Maimoonar

කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

Maimoonar

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Maimoonar

56 comments

Comments are closed.