NewsPolitical

මහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපති

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එම අසීරු තීන්දුව රට වෙනුවෙන් තමන් ගන්නා ලද්දේ රට වෙනුවෙන් බවත් හෙතෙම පවසා තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

21 වැනි ව්‍යස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ තම කැමැත්තට අනුව බවද පවසා ඇති ජනාධිපතිවරයා රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමන් සූදානම් බවද පවසා තිබේ.

නව අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බවද පවසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විස්වාසය මත ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව ද පවසා ඇත.

Related posts

ජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.

Maimoonar

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

Maimoonar

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී

Maimoonar

5 comments

Comments are closed.