27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි.

අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසුනු ඔවුන් දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙසත්ය.

එසේ කලහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත්ව අගමැති ධුරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කළහ.

ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට බවත් පළාත් පාලන නියෝජිතයන් මෙහි දී පෙන්වා දී ඇත.

මේ අතර එළඹෙන සඳුදා දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9 ට රැස් වන්නැයි ඔවුන් දන්වා ඇත.

Related posts

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Maimoonar

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…

Maimoonar

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Maimoonar

18 comments

Comments are closed.