27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක් ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (25) දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදීය.

රාජ්‍ය ආයතන වල පවතින අනවශ්‍ය නාස්තිය නැවැත්වීම, අතිරික්ත සේවකයින් ඵලදායි ලෙස රාජ්‍ය සේවයේ යොදවා ගැනීම, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සහ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව හා පහත සඳහන් කරුණු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

* රටේ පවතින ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා ප්‍රාදේශීය මට්ටමෙන් ගත හැකි ක්‍රියාමාර්ග

* තම දිස්ත්‍රික්කය තුළ පොදු හිස් ඉඩම් වල ප්‍රදේශය තුළ ආවේණික වගාවන් ආරම්භ කිරීම

* ප්‍රාදේශීය මට්ටමෙන් ගෙවතු වගාව ආරම්භ කිරීම

*ආනයන ආදේශ බෝග වර්ග 15 ක් වගා කිරීම කෙරෙහි වැඩි අවධානය

*සෞභාග්‍යය නිෂ්පාදන ගම්මාන වැඩසටහන සක්‍රීය කිරීම

* හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය දියත් කිරීම

* යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් ලබා දීමේ නිසි ක්‍රමවේදයක් ඇති කිරීම

* රජයේ කාර්යාලවලට අයත් වාහන භාවිතය හා වාහන සඳහා ඉන්ධන කළමනාකරණ ක්‍රමවේදයක් ඇති කිරීම

* ධීවරයින් සඳහා ඉතා කඩිනමින් අවහිරයකින් තොරව, ඉන්ධන ලබා දීමට, හා ජීවනෝපාය කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමට ලේකම්වරුන්ගේ සෘජු මැදිහත්වීම

* පළාත් සභා ප්‍රධානීන් සමග දිස්ත්‍රික්කයේ පවතින ජනතා ගැටලු විසදීමට දිස්ත්‍රික් ලේකම්වරු සෘජුව මැදිහත් වීම.

* රාජ්‍ය සේවකයන් සේවා අවශ්‍යතාව අනුව ආසන්න තාවය පදනම් කරගෙන සහ නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සේවයේ යෙදවීමේ වැඩපිළිවෙළක්.

* පලාත් පාලන ආයතන හුදකලා ගමනකින් තොරව ඉදිරි කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීම.

*ග්‍රාම නිලධාරී වසමකට සංවර්ධන නිලධාරී ඇතුළු අනෙක් නිලධාරීන්ගේ සේවය උපරිම ඵලදායිතාවට යෙද වීම.

*සෑම බිම් අඟලක්ම වගා කිරීමෙ කාර්යයට දිස්ත්‍රික් ලේකම් පාදේශීය ලේකම් කාර්යාල වල වැඩ පිළිවෙල විධිමත් කිරීම.

මෙම සාකච්ඡාව ට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම් කේ.පී. මායාදුන්නේ මහතා ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ .

මෙම සාකච්ඡාව zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි .

කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

Related posts

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Maimoonar

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

Maimoonar

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Maimoonar

7 comments

Comments are closed.