Local NewsNews

ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායක

මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය විසඳා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් විසඳුම් දෙකක් යෝජනා වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති විශේෂ පක්ෂනායක රැස්වීමේදී හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපති වරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම එම යෝජනා දෙක බවද හෙතෙම පැවසීය.

නමුත් මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති බවද කතා නායකයා එහිදී සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් එසේ සිදු කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැති නිසා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර කරගැනීමකින් එය හැකි බවද හෙතෙම සඳහන් කර ඇත.

කෙසේවෙතත් පක්ෂ නායක හමුවේදී ඇතැම් පක්ෂ නායකයන් හදිසි මැතිවරණයකට යාමට අකමැත්ත පළ කර තිබේ.

Related posts

දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!

Maimoonar

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

Maimoonar

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

Maimoonar

1 comment

Comments are closed.