28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

රජයේ රෝහල්වල මේ වන විට සිදු කරන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නිර්වින්දන ඖෂධ හිගය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද හෙතෙම පවසයි.

ඒ අනුව පිළිකා සහ හදිසි අනතුරු ආශ්‍රිත ශල්‍යකර්ම දැනට සිදුකරමින් සිටින බවද හෙතෙම පැවසීය.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

සල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්න

Maimoonar

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

Maimoonar

ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…

Maimoonar

1 comment

Comments are closed.