November 2, 2026
NewsPolitical

ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

ආණ්ඩුවෙන් ඉවත් වීමේ දී තීරණය අතහැර තවදුරටත් ආණ්ඩුව සමග රැඳී සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.

එමෙන්ම නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වූ රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

කෙසේ වෙතත් එම හමුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ආණ්ඩුවට දුන් සහයෝගය ඉවත් කර ගැනීමේ තීරණය එලෙසම ක්‍රියාත්මක බවයි.

Related posts

මට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැති

Maimoonar

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Maimoonar

අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේ

Maimoonar