28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් පමණක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

කිසිම වාහනයක් නැති අහිංසක දුප්පත් ජනතාව ඒ සඳහා වන්දි ගෙවිය යුතු නැති බවද හෙතෙම පැවසීය.

පෙට්ට්‍රල් ඩීසල් මිල වැඩි කර එහි බර වාහන හිමියන්ට දරා ගැනීමට ඉඩ තිබිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

අද ඉන්ධන, කිරිපිටි පෝලිම්වල සිටින ජනතාව අපට කුණුහරපෙන් බනින බවද පැවසූ ඔහු මේ අර්බුදකාරී තත්ත්වය ඉදිරි මාස දහයක පමණ කාලයේ දී පහ වෙලා යනු ඇති බව ද සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තම නිවසේදී පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Maimoonar

පොල් මිල යළි ඉහළට…

Maimoonar

නිදහසේ සැබෑ සිහිනය තවමත් බොඳ වී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති

Maimoonar