32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහ හිතවාදී පිරිස් සැලසුමක් දියත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

හිරු නාලිකාව සමඟ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ පවතින අර්බුදය උත්සන්න කළ විට යම් අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය අතහැර යනු ඇති බවට ඔවුන් විශ්වාස කරන බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා දැන් සිටින්නේ යහපත් නොවන තත්ත්වයකින් බවද නිසා එම අවස්ථාවන් උපයෝගී කරගනිමින් මහජන මතය විමසන මැතිවරණයකට නොගොස් වෙන පාරකින් ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Maimoonar

පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ

Maimoonar

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Maimoonar

2 comments

Comments are closed.