29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ලෝක සාම සමුළුවේ ප‍්‍රධාන දේශණය මෛත‍්‍රීගෙන්.. ආරාධනය බෑන් කී මූන්ගෙන්..

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබුණි.

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන්‍ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා.

දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් බලාපොරොත්තුවෙන් සිටි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

– media unit

Related posts

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Maimoonar

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

Maimoonar

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Maimoonar

5 comments

Comments are closed.