27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ රටට ආදරය කරන අය සමග මිස රට විකුණන අය සමග නොවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, මහනුවර දිස්ත්‍රික් සංවිධායක මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසිය.

සරත් ඒකනායක මහතා ඒ බැව් කියා සිටියේ  (03) දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව පක්ෂ කාර්යාලයක් හැටන් වටවල නගර මධ්‍යයේදි විවෘත කිරිමේ අවස්තාවට එක් වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සරත් ඒකනායක මහතා කියා සිටියේ

ප්‍රථම වතාවට දමිල ජනතාව නියෝජනය කරන්න ප්‍රබල නායකයින් පත් කරලා තියෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්.

අපි දන්න දෙයක් තමයි ජන්ද කාලේට එනවා නත්තල් පප්පලා වගේ, ඇවිල්ලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කතා කරලා යනවා.

හැබැයි වතුකරයේ ජනතාවට මුකුත් දෙන පාටක් නම් නැ , දෙනවා නම් ඔහොම තවදුරටත් ඉදිද?

නිදහස ලබලා අවු 74 ක් සමරනවා නමුත් රොටි කැල්ලක් කන්න නැතුව ඉන්නවා වතුකරයේ ජනතාව.

හැන්දැවට පහන පත්තු කරන්න ලාම්පුතෙල් නැ , ජිවත් වෙන්න නෙලා ගන්න තේ වලට පොහොර ටික නැනේ.

එම නිසා ජනතාවගේ දුක අදුනන නායකයින් අපිට අවශ්‍යයි, ජන්දයක් ළං වුනාම ඇවිල්ලා මොනවා හරි දෙයක් දිලා යන අය ඕනි තරම් ඉන්නවා.

නමුත් දැන් ජන්දයක් ළග නැ , ඒ නිසා අපි පෙන්වන්නේ අපි මෙහෙමයි වැඩ කරන්නේ කියලා.

ආණ්ඩුවෙන් හැමදේම දෙන්නේ නැනේ , පොහොර ටික නිකම් දෙනවා කිව්වා පොහොර දෙනවද?

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලොකු අයිතියක් තියෙනවා දමිල ජනතාව සමග කටයුතු කරන්න.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුලින්ම හදනකොට සම ලේකම්වරුන් තිදෙනෙක් පත් කලා , සිංහල, දමිල , මුස්ලිම් අයගෙන්.

වතු යටිතල පහසුකම් සංවර්ධනය කියලා එකක් තිබුණේ නැ මේ රටේ ,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි එහෙම එකක් හැදුවේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැටිලා තියෙනවා , නැගිටලා තියෙනවා , අපි මේ නැගිට්ට එකෙන් අපි අවසන් කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් හදමින්.

අපි සන්ධානගත වෙන්නේ රටට ආදරය කරන අය එක්ක පමණි, රට විකුණන අය එක්ක නෙවෙයි.

මේ වන විට රටට අනාගතයක් නැ වගේ , අනාගතයක් තිබෙයි නම් තරුණ තරුණියන් පාස්පොට් පොලිම් වල ඉදිද?

මම කියනවා අපි පිහිටුවනවා ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක් හොරු නැති ආණ්ඩුවක්.

හොරකම , වංචාව , දුෂණය තියෙන කම් මේ රට ගොඩගන්න බැ. රටේ අදායමින් කොටසක් ගජ මිතුරන්ගේ සාක්කුවට නම් යන්නේ මේ රට හදන්නේ කොහොමද?

හැම ජනාධිපතිවරයාම බලයට ආවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා, එත් ඒක කරේ නැ , ටිකක් හරි ජනාධිපති බලතල අඩු කරේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විතරයි.

හය අවුරුද්දක් තිබුණ ජනාධිපති කාලය අවු පහක්  දක්වා අඩු කරලා කොමිෂන් සභා ඇති කරා ආයතන වලට ස්වාධිනව වැඩ කරන්න. අන්න එක රටයි එක නිතියයි. යනුවෙන් පැවසිය.

මෙම අවස්තාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ , මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායක සුන්දර රාජ් ප්‍රභාකරන්,නුවරඑලිය දිස්ත්‍රික් නව සංවිධායක සදානන්දන් තිරු මුරුගන් යන මහතුන්ද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

Maimoonar

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Maimoonar

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Maimoonar

85 comments

Comments are closed.