28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

යාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ වරණී ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකුගේ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන් එක් අයෙකු තුවාල ලැබූ අතර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවීය.

යාපනය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වරනී ප්‍රදේශයේ නිවසක් වටලා ඇති අතර එහිදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි තවත් කිහිප දෙනෙකු විසින් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමෙන් උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

පසුව එක් සැකකරුවෙකු විසින් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීයෙකුගේ පිස්තෝලයක් උදුරාගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී එය වැලක්වීමට ගත් උත්සහයකදී පිස්තෝලය පුපුරා යාමෙන් සැකකරුගේ අතට සුලු තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුලත් කරනු ලැබීය.

අනතුරුව එම ස්ථානයේ සිට රාජකාරියට බාධා කොට කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් 5 දෙනෙකු කොඩිකාමම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන චාවකච්චේරි අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

Maimoonar

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

Maimoonar

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Maimoonar

1 comment

Comments are closed.