28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

තිරිගු පිටි හිගයත්.. සමාගම් බෙදන ප්‍රමාණය 35% කින් පහල දමයි..

මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් විසින් තමන්ගේ ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණ ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් සහ සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

මසක පමණ කාලයක සිට ප්‍රධාන තිරිගු පිටි සමාගම් විසින් හැටන් ප්‍රදේශයේ තිරිගු පිටි එජන්තවරුන්ට ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග ලබා නොදිම නිසා එම එජන්තවරුන් විසින් තමන් වෙත තිරිගු පිටි තොග ලබාදෙනු ලබන්නේ ඉතා සිමිත ප්‍රමාණයක් බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටින්නේ.

දැනට එම සමාගම විසින් බෙදා හරිනු ලබන තිරිගු පිටි කිලෝවක් රු 145කට අලෙවි කරන බවත්,තම වෙලදසැල් වලින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා පාරිභෝගිකයන්ට ඉල්ලන තිරිගු පිටි ප්‍රමාණයට වඩා අඩුවෙන් අලෙවි කරන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

තිරිගු පිටි අලෙවි එජන්තවරුන් විසින් තිරිගු පිටි තොග සිමා කර ලබාදිම හමුවේ තම බේකරි නිෂ්පාදන කටයුතු අඩු කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත තම බේකරි පාඩු ලබන තත්ත්වයක පවත්වාගෙන යන බවයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

Maimoonar

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

Maimoonar

ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මිය යයි…

Maimoonar

6 comments

Comments are closed.