29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව බස් නැවතුම් පොළ ආසන්නයේ තාවකාලිකව පදිංචි වී සිටින තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරයි.

එම අසූචි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ බස්නැවතුම්පොලේ සහ ඒ අවට විශාල පිරිසක් රැඳී සිට ඇතැයිද පොලිසිය කියා සිටියි.

වැසිකිලියේ දොරට සහ බිත්තිවලට එම අසූචි ප්‍රහාරය එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.

අලුතින් ඉදිකර ඇති මෙම පොදු වැසිකිලිය මෙතෙක් විවෘත කර නොමැති බවත් ලබන දහ වැනිදා බස් නැවතුම්පල පොළ සහ පොදු වැසිකිලිය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව ඇති නමුත් වැසිකිලිය විවෘත කිරීමේ ප්‍රමාදය මත මෙම අසූචි ප්‍රහාරය එල්ල කර ඇති බව කාන්තාව පොලිසියට සඳහන් කර තිබේ.

Related posts

කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

Maimoonar

ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..

Maimoonar

නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාව

Maimoonar

2 comments

Comments are closed.