BusinessBusiness NewsNews

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

වහාම ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දී තිබේ.

තෙල් සංස්ථාවේ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ සංස්ථාව මෙම ඉල්ලීම රජයට මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි.

ලංකා ඉන්දීය සමාගම තම බෙදුම් හල්වල ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීමක් කළ බවද හෙතෙම කියා සිටියේය.

පසුගිය මාසයේ බොරතෙල් මිල අනුව සංස්ථාව ඩීමල් ලීටරයකින් රුපියල් 32.50ක් හා පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් පහකට ආසන්න අලාභයක් ලබන බවද ඔහු පැවසීය.

මේ පිලිබදව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු ද සඳහන් කළේ ඉන්දීය තෙල් සමාගම සිය මිල වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන මිල ගැන තින්දුවක් ගැනිමට තෙල් සංස්ථාවට ද සිදු විය හැකි බවයි.

නමුත් රජයක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් සාකච්ඡා නොකළ බව ද හෙතෙම පැවසීය.

Related posts

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Maimoonar

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Maimoonar

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

Maimoonar

1 comment

Comments are closed.