28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ.

එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව පැවැසූ ඒ මහතා දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවද කියා සිටියේය.

ඒඅනුව මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි මෙම ඉල්ලීම කරන බවද ඔහු පැවසීය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

මේ අතර ඒ මහතා මීට දින කිහිපයකට පෙර ගුවන්විදුලි නාළිකාවක් සමඟ කියා සිටියේ ජනවාරි මාසය මැද පමණ වන විට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

Related posts

‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..

Maimoonar

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Maimoonar

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

Maimoonar

3 comments

Comments are closed.