28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…

විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී.

ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට ඔවුන්ගේ නියෝජිතයන් විසින් එම පවුල්වල සාමාජිකයන්ට නම් කරන පුද්ගලයෙකුට ඩොලරයකට රුපියල් 240 හෝ 250ට වැඩි මුදලක් ගෙවමින් සිටිති.

නමුත් එමගින් ඩොලර් ශ‍්‍රී ලංකාවට නොලැබෙන්නේ විදේශයේ සිටින නියෝජිතයා එම මුදල එහිම රදවා ගන්නා බැවිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 210 බැගින් විදේශගත ශ‍්‍රමිකයන්ට ගෙවන බව පැවසුවද ඒ සඳහා එම රටවල මුදල් තැන්පත් කිරීමේ යාන්ත්‍රණ නිසි ලෙස ස්ථාපිත කර නැතැයි විදේශගත ශ්‍රමිකයන් කියා සිටිති.

මෙම තත්ත්වය මත තමන්ගේ කාලය සහ ශ්‍රමය වැය කරමින් ශ්‍රී ලංකාවේ බැංකුවක් හෝ ආයතනයක් සොයා බොහෝ දුර ගෙවමින් ගමන් කිරීමට වඩා මේ ආකාරයේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් ඔස්සේ මුදල් යැවීම පහසු සහ ලාබදායක බව ඔවුන් පෙන්වා දෙති.

Related posts

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

Maimoonar

කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්

Maimoonar

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Maimoonar

65 comments

Comments are closed.