Local NewsNews

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Related posts

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Maimoonar

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Maimoonar

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Maimoonar

109 comments

Comments are closed.