29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටට අගයක් එකතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදු කොට ඇති බවත් ඒ මහතා පවසයි.

අද තරුණ පරපුරේ අපේක්ෂා භංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුළින් ඒ බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමිනි.

Related posts

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Maimoonar

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Maimoonar

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

Maimoonar