29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වන රටවල් හයක් සම්බන්ධයෙන් රජය මීට දින තුනකට පෙර ක්‍රියාමාර්ග ගත් බවද ඔහු පැවසීය.

මේ වන විට ගුවන් තොටුපොළේ ද සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සියලුම පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා අදාළ අංශ විසින් මේ පිළිබඳව විශේෂ ජංගම දුරකථනය යෙදවුමක් පවා හඳුන්වා දී ඇතැයිද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

Related posts

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

Maimoonar

ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට

Maimoonar

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

Maimoonar

50 comments

Comments are closed.