January 8, 2026
NewsPolitical

අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි.

සබ්රි මහතාද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අලි සබ්රි මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පලවන වාර්තා අසත්‍ය බවයි

Related posts

ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට

Maimoonar

චොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවාද ? තීරණය ලබන සඳුදා

Maimoonar

ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Maimoonar

4 comments

Comments are closed.