29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

හලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා වෙත ලැබී තිබු පැමිණිල්ලක් අනුව එම නිලධාරියගේ අනිසි හැසිරිමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියමයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරි වරයා විසින් සිදු කරණ ලද පරික්ෂණයක් අනුව මෙම වැඩ තහනම සිදු කළ බව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.

වැඩ තහනම් කර ඇති උප පොලිස් පරික්ෂකවරයා හලාවත අඹකදවිල ධීවර ගම්මානයේ පදිංචි බහු දින ධීවර යාත්‍රාවක සේව කරණු ලබන ධීවරයෙකුගේ තරුණ බිරිදක සමග අනියම් අැසුරක් පවත්වා ගෙන ගොස් ඇත.

පසුගිය දිනෙක රාත්‍රි කාලයේ දි මෙම උප පොලිස් පරික්ෂකවරයා ධීවරයා රස්සාවට ගොස් සිටිය දි ඔහුගේ බිරිද හමුවිමට ගොස් ඇති බවත් දෙදෙනා එහිදි අනග රැගුම් රගමින් සිටිය දි ගම්වාසින් එම නිලධාරියා අල්ලා ගස් බැද පහරදි පසුව හලාවත පොලිස් ස්ථානය අසලට ගෙනැවිත් දමා ගොස් ඇති බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙතට පැමිණිල්ලක් ලැබි තිබු පැමිණිල්ලක් අනුව පරික්ෂණ පවත්වා ඇති බවත් කියයි.

වැඩ තහනමට ලක්ව ඇති උප පොලිස් පරික්ෂකවරයා විවාහකයෙකු බවත් හෙළි විය.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

Related posts

මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයි

Maimoonar

මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..

Maimoonar

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Maimoonar

1 comment

Comments are closed.