Local News News

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

කොවිඩ් 19 අසාධ්‍ය රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඔෟෂධ විශේෂයක් වන Tocilizumab නම් වූ එන්නත නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වා රුපියල් ලක්‍ෂ 10ත් 12ත් අතර මිල ගණන්වලට විකුණන ඔෟෂධ මාෆියාවක් ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඔෟෂධ පරීක්‍ෂකවරුන් විසින් අනාවරණය කරගෙන ඇත.

දීර්ඝ කාලයක් මෙම ජාවාරම නිරීක්‍ෂණය කරමින් සිටි මෙම නිලධාරීන් පෙරේදා මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇත්තේ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. එක් පුද්ගලයකු විසින් තැරැව්කරුවන් යොදා ගනිමින් රුපියල් ලක්‍ෂ හතත් රුපියල් ලක්‍ෂ 10ත් අතර මුදලකට අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට මෙම එන්නත අලෙවි කරමින් සිටියදී කරන ලද සූක්‍ෂ්ම මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට පත්වී ඇත.

මෙම Tocilizumab එන්නත නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ ස්විට්සර්ලන්තයේ “රොජා” නම් ලෝක ප්‍රසිද්ධ ඔෟෂධ නිෂ්පාදන ආයතනයට බව කියන ඔෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඔෟෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා අල්ලාගත් මෙම එන්නත් තොගය ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවෙන් ගෙන්වා ගෙන ඇතැයිද අත්අඩංගුවට ගත් එම එන්නත් තුර්කියේ නිෂ්පාදිත ඒවා බවද ඔහු පවසා සිටියේය.

මෙම ජාවාරම සිදුකර ඇතැයි කියන පුද්ගලයාගේ නිවෙසේ ශීතකරණයේ තිබී මෙවන් එන්නත් පහක් නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවූ අතර සැකකරුවන් විසින් එක එන්නතක් රුපියල් ලක්‍ෂ හත බැගින් ලක්‍ෂ 42කට විකිණීමට සූදානම් කර තිබූ බවත් ඔෟෂධ හා ආහාර පරීක්‍ෂකවරුන් පවසයි. අත්අඩංගුවට ගත් එන්නත් ප්‍රමාණය හතකි. මෙම එන්නත් මෙරටට ගෙන්වීම සඳහා අවසර ලබාදී ඇත්තේ මෙරට පිහිටි එක්තරා සුප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයකට පමණි. එම ආයතනය මඟින් ස්විට්සර්ලන්තයේ සිට ගෙන්වන මෙම එන්නතට වැය වන්නේ රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහසක පමණ මුදලක් බවද ඔෟෂධ නියාමන අධිකාරිය කියයි. එහෙත් එම එන්නත් නිකුත් කරනුයේ නියමිත (කෝටා) ප්‍රමාණයන් මතය.

එහෙත් කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීමත් සමඟ මෙම එන්නතට ඇතිවූ ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මෙම එන්නත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක්වූ අතර කොවිඩ් වැලඳුණු ධනවතුන් කිහිපදෙනකු මෙම එන්නත රුපියල් ලක්‍ෂ ගණනට මිලදී ගෙන එන්නත් කරගත් බවද සමාජයේ කතිකාවක් පැවතිණි.

විශේෂඥ වෛද්‍යවරුන් විසින් දැඩි ලෙස අසාධ්‍ය වන රෝගීන් වෙනුවෙන් මෙම එන්නත නියම කිරීමත් පැවැති අධික ඉල්ලුම නිසාත් දිවයිනේ ඔෟෂධහල්, රෝහල් හා ෆාමසිවල මෙම එන්නත මිලදී ගැනීමට හැකියාවක් නොතිබීම නිසා මෙරට ඇතැම් කූට ව්‍යාපාරිකයන් මෙම එන්නත හොර රහසේ නීති විරෝධී ලෙස ඉන්දියාව ඇතුළු වෙනත් රටවලින් මෙරටට ආනයනය කර තිබිණි. සුළු මුදලකට තොග පිටින් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ගෙන්වන මෙම එන්නත ශීතකරණවල තබාගෙන අධික මිලකට තැරැව්කරුවන් යොදාගෙන විකිණීම සිදුකර ඇතැයි ඔෟෂධ හා ආහාර පරීක්‍ෂකවරු කියති.

මෙලෙස මෙම එන්නත් විකිණීම සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුමක පළවූ දැන්වීමක් ඔස්සේ විමර්ශන ඇරැඹූ නිලධාරීන් එක් එන්නතක් අසාධ්‍ය කොවිඩ් රෝගියකුට අවශ්‍ය බව කියමින් ඇණවුමක් කර තිබේ. එවිට තැරැව්කරු පවසා ඇත්තේ එක එන්නතක් රුපියල් ලක්‍ෂ 10ක් වන බවය. පසුව එය රුපියල් ලක්‍ෂ 7 දක්වා අඩුකර ගැනීමට හැකිවී ඇති අතර පසුව තැරැව්කරු පවසා ඇත්තේ එන්නත රැගෙන තමාට වැල්ලවත්ත ප්‍රදේශයට පැමිණිය හැකි බවය. ඉන් අනතුරුව ඔහු පැමිණෙන ස්ථානය අවට රැකවල්ලා සිටි ඔෟෂධ හා ආහාර පරීක්‍ෂකවරුන්ට සැකකරු කොටුවී ඇති අතර ඔහුගෙන් එන්නත ලැබුණේ කෙසේද යන්න විමසූ විට ඔහු පවසා ඇත්තේ තමා වැල්ලවත්ත ප්‍රදේශයේ ෆාමසියක වැඩ කරන සේවකයකු බවත් තමාට මෙම එන්නත ලබාදුන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලයකු බවත්ය.

මින් ලබා ගන්නා රුපියල් ලක්‍ෂ ගාණෙන් ලක්‍ෂය බැගින් තමන්ට එන්නත ලබාදුන් පුද්ගලයාටත් ලැබෙන බවත් ඉතිරි ලක්‍ෂ පහ එන්නත ගෙන්වන්නාට ගෙවිය යුතු බවත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබේ. එහෙත් මොහු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ආකාරය මොහුට එන්නත ලබාදුන් නාරාහේන්පිට පුද්ගලයා ඊට යාර කිහිපයකට අෑතින් බලා සිට එකවරම එතැනින් පලාගොස් තිබේ. පසුව ඔහුව සම්බන්ධ කරගන්නට ගත් උත්සාහයන් අසාර්ථක වූ තැන නිලධාරීන් සැකකරුගේ ජංගම දුරකථන පරීක්‍ෂා කර තිබේ. එම පරීක්‍ෂාවේදී එන්නත් මොහුට ලබාදුන් පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් හා දුරකථන අංක සොයාගෙන ඇති අතර එම අංකවලට කතාකොට අසාධ්‍ය රෝගීන් සඳහා එන්නත් අවශ්‍ය බවට සැකකරු ලවාම ඇමතුම් දීමේදී තවත් පුද්ගලයකු හඳුනාගෙන ඔහුට ඒ බව දැන්වීමේදී ඒ සඳහා රුපියල් ලක්‍ෂ 7ක් රැගෙන නවලෝක රෝහල අසලට එන ලෙස ඔහු දැනුම්දී තිබේ. පසුව ආහාර හා ඔෟෂධ පරීක්‍ෂකවරුන් අසාධ්‍ය රෝගියාගේ ඥාතියකු ලෙස හඳුන්වමින් නවලෝක රෝහල අසල රැඳී සිටියදී දෙවැනි සැකකරු තවත් Tocilizymab වර්ගයේ එන්නතක් රැගෙන වැගන් ආර්. රථයකින් පැමිණීමත් සමඟ නිලධාරීන් විසින් ඔහුව කොටුකර ගෙන ඇත.

පසුව ඔහුට එන්නත ලැබුණේ කෙසේදැයි විමසූ විට නිලධාරීන්ට පවසා ඇත්තේ බොරැල්ල සහස්‍රපුර පුද්ගලයකු එය තමාට දුන් බවය. පසුව ඔහු සමඟ සහස්‍රපුර නිවෙසකට ගිය නිලධාරීන්ට දකින්නට ලැබී ඇත්තේ ඔහුගේ නිවෙසේ ශීතකරණය තුළ තවත් එන්නත් පහක් තිබී ඇති බවය. ඒ සියල්ල නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

එහිදී සැකකරු පවසා ඇත්තේ එම එන්නත් තම නිවැසියන්ගේ ප්‍රයෝජනයට එලෙස තබාගත් බවත් ඒ සඳහා තමාට බලපත්‍ර ඇති බවත්ය. ඉන්දියාවේ සිට තම මිතුරන් මාර්ගයෙන් සේවයක් සලසාදීම සඳහා මෙම එන්නත් තමාට ලැබුණු බවත් ඔහු සඳහන් කර ඇත. එහෙත් මෙලෙස මෙම එන්නත් තොග වශයෙන් නිවෙස්වල තබා ගැනීමට නොහැකි බවත් ඔෟෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සැකකරුට පෙන්වා දී තිබේ. පසුව ඔහු බොරැල්ල පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශයක් ලබාගෙන ඇත. සැකකරු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂයකින් පසුගිය මහ මැතිවරණයට තරගකොට ඇති බවත් ඒ බව සඳහන් පෝස්ටර් පත්‍රිකා ඔහුගේ නිවෙස ඉදිරිපිට බිත්තිවල අලවා ඇති අයුරු පෙනෙන්නට තිබූ බවද ආහාර හා සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති.

මෙම එන්නත් ගුවන් මඟින් ගෙන්වා ඇති බවට හෙළි වී ඇති අතර එන්නත් මෙරටට ගෙන්වා ඇත්තේ අනුමත නීතිරීතිවලට පටහැනිව බවද ආහාර හා ඔෟෂධ පරීක්‍ෂකවරු කියති.

මෙලෙස ගෙන්වා ඇති මෙම එන්නත් තොගයක් මෙසේ රුපියල් ලක්‍ෂ 10කට ආසන්න මුදලකට කොවිඩ් අසාධ්‍ය රෝගීන්ට විකුණන්නට ඇති බවට නිලධාරීහු සැක කරති.

සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත මහතාගේ උපදෙස් මත ප්‍රධාන විධායක නිලධාරි කමල් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන ආහාර හා සෞඛ්‍ය පරීක්‍ෂක හා අංශ ප්‍රධානි (නීති බලාත්මක) අමිත් පෙරේරා මහතා ප්‍රමුඛ ආහාර හා ඔෟෂධ පරීක්‍ෂකවරු වන මහින්ද සිරිකුමාර, චන්දන වීරසිංහ සමඟ සහායට ප්‍රමෝද වීරකෝන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

– Mawbima

Related posts

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයි

Shiran Viraj

පෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..

Shiran Viraj

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Shiran Viraj

3 comments

Tarot spread prediction May 23, 2023 at 6:49 am

Some genuinely interesting details you have written.Helped me a
lot, just what I was searching for :D.

Feel free to visit my blog Tarot spread prediction

Reply
Haunted houses Austin tx May 23, 2023 at 7:19 pm

I highly recommend her for any real estate needs.

Also visit my website Haunted houses Austin tx

Reply
deep sleep October 11, 2023 at 2:45 pm

deep sleep

Reply

Leave a Comment