27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මැතිතුමාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පවසයි.

පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා සඳහන් කළේය.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 455 දරණ ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණ. ඊයේ (01) සිට බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරිණ.

එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් විය.

පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිතුමා රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අග්‍රාමාත්‍යවරයාට, ජපාන රජයට සහ ජපාන තානාපතිවරයාට පළ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලකා සින්ග් (Alaka Singh), යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham), ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් චිහාරු හෝෂිආයි (Chiharu Hoshiai), දෙවන ලේකම් සෙයියා නිනෝමියා (Seiya Ninomiya), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Maimoonar

සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

Maimoonar

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

Maimoonar