Local NewsNews

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

කොරෝනා මරණ ප්‍රමාණය ඉලක්කම් තුනක සීමාවකින් නවතා ගැනීම නම් දැන්ම රට වසා දැමිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එසේ නොකොට සැප්තැම්බර් මාසයේ දිනකට ඉලක්කම් 4 මරණ සංඛ්‍යාවක් අත්විඳිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

අද වන විට ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස ගිල ගනිමින් ඇති බවත් එනිසා අවම වශයෙන් සති 2කට වසා දමන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර්, මොඩානා වැනි ශක්තිමත් එන්නත් පමණක් ජනතාවට ලබාදීමට දැන්ම සැලසුම් සකස් කරන ලෙස ඔහු යෝජනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

Related posts

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

Maimoonar

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

Maimoonar

මල් වඩමක් රුපියල් දස දහසයි..

Maimoonar