31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය වාරික ගෙවා දැමූ පසු ඉන්ධන ගෑස් ඇතුළු විදේශයන්ගෙන් ආනයන ද්‍රව්‍ය සඳහා මුදල් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

මම තවත් අනාවැකියක් කියන්නම්. පටි තද කරගන්න නෙවෙයි, පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ.

අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සුළු පටු එකක් නෙවෙයි. මෙවන් අර්බුදයක් ඉදිරියේදී එන්න පුලුවන් කියල මා මීට මාස ගණනාවකට කලින් කිව්වේ දේශපාලන වාසියක් ගන්න නෙවෙයි. මේ රටේ ජනතාව, අපි හැමෝම අවසානයේ මෙයින් පීඩාවට පත්වෙන නිසා. ඒ නිසයි, මා යෝජනා කළේ විනිමය අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා.

හැබැයි, “මම පොර” කියල හිතන ආණ්ඩුව පිට කෙනෙක් දෙයක් කිව්වම ක්‍රියාත්මක කරන්න ලැජ්ජයි. අද මොකද වෙලා තියෙන්නේ? ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, කිරිපිට් පෝලිම් ටිකින් ටික ඇති වෙනවා. මේ තත්ත්වය තව තවත් උග්‍ර⁣ වෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ආණ්ඩුවට බුද්ධිමත් විකල්ප විසඳුමක් නොමැතිකම. ඉදිරි මාස 12 තුළ රාජ්‍ය අංශයට සහ පුද්ගලික අංශයට ණය ගෙවීමට ඩොලර් බිලියන 07 ක තරම් මුදල් අවශ්‍යයයි. නමුත්, ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් බිලියන 04 ක් විතරයි.

බංග්ලාදේශයෙන් ණයට ගන්න යන ඩොලර් මිලියන 250, චීනයෙන් ණයට ලැබෙන ඩොලර් මිලියන 300 සහ මූල්‍ය අරමුදලෙන් විශේෂ ගැණුම් හිමිකම් ලෙස ලැබෙන ඩොලර් මිලියන 780 එකතු කළත් තවත් බොහෝ මුදල් ප්‍රමාණයක් ණය ගෙවන්න විතරක් මදියි. එතකොට ඉන්ධන ආනයනය, ගෑස් ආනයනය වගේම මෙරට නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අන්තර් භාණ්ඩ ආනයනයට මුදල් කෝ ? කබ්රාල් මහත්තයා නම් කියල තියෙන්නේ රාජ්‍ය දේපොළ විකුණල ඩොලර් මිලියන 400 ත් 1000 ත් අතර ගණනක් හොයාගන්න පුලුවන් කියලයි.

හැබැයි, ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. එහෙනම්, මම තවත් අනාවැකියක් කියන්නම්. අනුන්ට ඇහුම්කන් නොදෙන මේ උද්ධච්ඡ ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තව තවත් වලට ඇදල දානවා.

– midea unit

Related posts

මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

Maimoonar

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

Maimoonar

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Maimoonar

1 comment

Comments are closed.