NewsSportsSports News

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ සවුත්හැම්ටන් හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීයි.  එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

2019 වසරේ දී ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියර සදහා තරග වැදුණු රටවල් සංඛ්‍යාව 9ක්. එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසු වූ රටවල් දෙක අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම 6ක්. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31කට අධික වනවා. අනුශූරයින්ට හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් ලක්ෂ අටක්. 

ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සදහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටිනවා.

Related posts

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Maimoonar

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Maimoonar

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Maimoonar

733 comments

Comments are closed.